උද්ධමනය ටිකෙන් ටික පහළට…

0
257

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙම මාසයේ සියයට 61ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එය ඔක්තෝබර් මාසයේ වාර්තා වුණේ සියයට 66ක් ලෙස බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඔක්තෝබර් මාසයේ සියයට 85යි දශම 6ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙම මාසයේ සියයට 73යි දශම 7ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයද නොවැම්බර් මාසයේදී සියයට 54යි දශම 5ක් ලෙස පහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ. එම කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 56යි දශම 3ක් ලෙස පැවතියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here