රාජ්‍ය සේවකයන්ගේ අනවශ්‍ය රෙදි ගලවයි…!

0
400

රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකි වන පරිදි නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විසින්.

2019 ජූනි විසිහය දින නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13 ඇල ඉරක් 2019 එක හා 2022 සැප්තැම්බර් 27 දින නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි 5 /22 වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ඉකුත් දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ චක්‍රලේඛ වහාම අවලංගු කරන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ. 

කෙසේවෙතත් මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ගේ නිල ඇදුම සම්බන්ධයෙන් 1989 පෙබරවාරි පළමු වනදා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අට/අසූනවය සහ නිල ඇදුම් නියම කර ඇති රජයේ නිලධාරීන්ට නිල ඇදුම් සම්බන්ධයෙන් අදාළ වන අනෙකුත් චක්‍රලේඛ තවදුරටත් වලංගු වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here