ඉන්දියා-ඕස්ට්‍රේලියා වෙළඳ ගිවිසුම හරහා නව අවස්ථා රැසක්

0
268

ඕස්ට්‍රේලියාව සමඟ නව වෙළඳ ගිවිසුම ඉන්දියාවට ඛනිජ සඳහා චීනය මත යැපීම අඩු කිරීමට මග පෑදිය හැකි තීරණාත්මක ගිවිසුමක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඒ අතරම ඉන්දියාව, චීනය සමඟ ඕස්ට්‍රේලියානු වෙළඳ ආරවුලෙන් පසු පහත වැටුණු ඔස්ට්‍රේලියාවේ වයින් අපනයනය සඳහා නැගී එන වෙළඳපොළක් ද සපයනු ඇති බව පැවසේ.

මේ වසරේ අප්‍රේල් මාසයේදී අත්සන් කිරීමෙන් පසු පසුගිය සතියේ ඕස්ට්‍රේලියාව විසින් අනුමත කරන ලද ඕස්ට්‍රේලියා-ඉන්දියා ආර්ථික සහයෝගීතා සහ වෙළඳ ගිවිසුම (ETCA)අනුව මුහුදු ආහාර, බාර්ලි සහ බැටළු මස් ඇතුළුව ඉන්දියාවට අපනයනය කරන ඕස්ට්‍රේලියානු භාණ්ඩවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක තීරුබදු ඉවත් කිරීමට නියමිතය.

එමෙන්ම ඩොලර් 5 ට වැඩි බෝතල් කළ ඕස්ට්‍රේලියානු වයින් සඳහා සියයට 150 ක තීරුබදු සැලකිය යුතු ලෙස අඩු කරනු ඇත.

මේ අතර, ඉන්දියාව විසින් ඔස්ට්‍රේලියාවට කරන අපනයනවලින් සියයට 96.4 කට තීරුබදු රහිත ප්‍රවේශයක් ලැබෙනු ඇති අතර එය ඉන්දියාව ඉක්මනින් අනුමත කළහොත් මෙම වසර අවසන් වන විට ගිවිසුම ක්‍රියාත්මක වනු ඇති බව අපේක්ෂා කෙ‍රේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here