Tuesday, April 23, 2024

රුසියාව සහ යුක්රේනය රාජ්‍ය තාන්ත්‍රික මාවතට ආපසු යා යුතු බව ඉන්දියාව කියයි

යුක්රේනය සහ රුසියාව අතර එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ඉන්දියාව නිරන්තරයෙන් ඉල්ලා සිටි බවත් රාජ්‍ය තාන්ත්‍රික හා සාකච්චා මාවතට නැවත පැමිණෙන ලෙස දෙරටෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් පවසයි.

යුක්රේනයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහ දරුවන්ගේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීම අමතමින් කම්බෝජ් පැවසුවේ, ඉන්දියාව සතුරුකම් වහා නැවැත්වීමට සහ ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස නිරන්තරයෙන් ඉල්ලා ඇති බවයි.

දෙපාර්ශ්වයම ගැටුම අවසන් කිරීමට ගන්නා සියලුම රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව සිය සහයෝගය ප්‍රකාශ කරන බව ඇය පවසා තිබේ.

අහිංසක ජීවිත බිල්ලට දී කිසිඳු විසඳුමකට එළඹිය නොහැකි බව ඉන්දියාව විශ්වාස කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්රේනයේ සහ රුසියාවේ ජනාධිපතිවරුන් සමඟ අවස්ථා කිහිපයකදී කතා කර ඉන්දියාවේ ස්ථාවරය නැවත අවධාරණය කර ඇති බවත් ඇය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles