චීනයේ ණය උගුලට මියන්මාරයත් කොටුවෙයි

0
256

2021 පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරය රාජ්‍ය තාන්ත්‍රික අතින් හුදකලා වීමේ වාසිය භාවිතා කරමින් චීනය රටේ පොහොසත් ස්වභාවික සම්පත් කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මියන්මාරයේ දරිද්‍රතාවය සහ විරැකියාව ඉහළ යාමත් සමඟ එරට දේශපාලන හා ආර්ථික අර්බුදයකට තුඩු දුන් පසු චීනය මියන්මාරය දෙසට යොමු වී ඇති බව පැවසේ.

මියන්මාරයේ ජෙනරාල්වරුන් චීනයේ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය සහ ආයෝජන සඳහා ගෑස්, දැව, ජේඩ් සහ තඹ ඇතුළු ස්වභාවික සම්පත් හුවමාරු කර ගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනය විසින් රඛයින් ප්‍රාන්තයේ ක්‍යූක්ප්‍යු වරාය සහ විශේෂ ආර්ථික කලාපය සඳහා දැවැන්ත ගෑස් නිධි සහ ඉඩම් නොමිලේ ලබාගෙන ඇති බව පැවසේ.

චීනය ඉන්දියන් සාගරයේ ආර්ථික හා මිලිටරි ආධිපත්‍යය තහවුරු කර ගැනීමට මියන්මාරය හරහා එක් තීරයක් එක් මාවතක් වැඩසටහන (BRI) ප්‍රවර්ධනය කරමින් සිටින අතර මාධ්‍ය වාර්තා කරන්නේ චීනයට ඉන්දියානු සහ පැසිෆික් සාගර දෙකටම ප්‍රවේශය ලබා දිය හැක්කේ මියන්මාරයට පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here