අමෙරිකානුවන් දෙදෙනෙකුට චීනයෙන් සම්බාධක.

0
305
FILE - The American and Chinese flags wave at Genting Snow Park ahead of the 2022 Winter Olympics, Feb. 2, 2022, in Zhangjiakou, China. The Commerce Department is tightening export controls to limit China’s ability to get advanced computing chips, develop and maintain supercomputers, and make advanced semiconductors. (AP Photo/Kiichiro Sato, File)

අමෙරිකානු වැසියන් දෙදෙනෙකුට අමෙරිකාව සම්බාධක පනවා තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනය ටිබෙටය තුළ සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අමෙරිකාව ගනු ලැබූ ක්‍රියාමාර්ග සදහා එකටඑක කිරීමක් ලෙස චීනය මෙම සම්බාධක පැනවීම සිදු කර ඇති බවයි.

ඒ අනුව සම්බාධක පනවා තිබෙන Todd Stein සහ Miles Yu Maochun නමැති අමෙරිකානුවන් දෙදෙනාට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට ද චීනයට ඇතුළු වීම් තහනම් වනු ඇති.

එමෙන්ම ඔවුන්ට අයත් චීනයේ ඇති දේපළ ද රජයට පවරා ගනු ඇති සේම චීන ජාතිකයින් මෙන්ම සංවිධාන සමග ද සබදතා පවත්වා ගැනීම සහ තහනම් කර තිබේ.

ටිබෙටය සමග පවතින සබදතා චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත්, ඊට මැදිහත්වීමට අමෙරිකාවට කිසිදු අයිතියක් නොමැති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු සදහා මැදිහත් වන ඕනෑම පාර්ශවයකට බරපතල විපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බව ද චීනය අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here