තැම්පතු හා ණය පොලී අනුපාත ඉහලට..

0
450

අදසිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ නංවා තිබේ.

ඊයේ පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

ඒ අනුව සියයට 6.5ක්ව පැවැති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7 දක්වා ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8 සිට 8.5 දක්වා ද ඉහළ නංවා තිබේ.

මෙම තීරණය අනුව සාමාන්‍ය වෙළඳපළේ ණය සහ තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය ද ඉහළයාම අපේක්ෂා කෙරේ.

අහිතකර කාලගුණික තත්ත්වය සහ රජයේ බදු ව්‍යුහය සිදු කළ වෙනස්කම් හේතුවෙන් පසුගිය මාස දෙකක කාලය තුළ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here