Friday, May 17, 2024

රෝද යාත්‍රාවක් වූ පාද යාත්‍රාව

ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කර ඇත්තේ පාද යාත‍්‍රාවක් නොව රෝද යාත‍්‍රාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ ණය බර-බදු බර සහ බිඳ වැටෙන ආර්ථිකය යන මැයෙන් අද(29) මස්කෙළිය නගරයේ පැවති සම්න්ත‍්‍රණයකදීය.

මෙහිදී අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා පැවසුවේ එදා මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටින කාලයේ දළදා වහන්සේ වැඩ සිටින පුද බිමේ පුතාට ලැමිබෝගිණි කාර් වලින් රේස් පැදීමට මහානායක හිමිවරුන්ගේ විරෝධය මැද අවස්ථාව ලබාදී අද නැවත බලයට ඒමට දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට රෝද යාත‍්‍රාවේ යෙදෙන බවයි.

පාද යාත‍්‍රාවට එකතුවී ඇති ජනතාව පයින් ගමන් කරන විට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වාහනයක නැගි රෝද යාත‍්‍රාවේ යෙදෙන බව වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි.

මෙම පාද යාත‍්‍රාව තුළින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීමට මහින්ද රාජපක්‍ෂ මහතා උත්සහ කරන බවත්, මේ සඳහා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය උදව්කරන බවත් වසන්ත සමරසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එන්නට උත්සහ කරන්නේ මේ රටේ ජනතාවට ඇති ආදරයට නොව බලතන්හාව නිසා බව වසන්ත සමරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුනොත් එහි වාසිය එක්සත් ජාතික පක්ෂ නායක ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගැනීමට මාන බලමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රාජපක්‍ෂ දුෂණ ආණ්ඩුව පළවාහැර යහපාලනයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනපති වශයෙන් රටේ ජනතාව පත් කළද මේ රට හා ජනපතිව හසුරවනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බව වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි.

උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග දේශපාලන ඩීල් එකක් කර ඇති බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles