අද සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගුයි!

0
315

දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය හිඟය හේතුවෙන් හෙට (12) සිට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් නැවත දැනුම් දෙන තෙක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20 ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 4 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 2 ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16 ක් මෙසේ අවලංගු කර ඇති අතර එම දුම්රිය ධාවන නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දීමට නියමිතය.

මෙම වසරේ ගතවූ දින 11 තුළ දුම්රිය ගමන්වාර 300 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව ද වෘත්තීය සමිති වැඩි දුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here