පාද යාත්‍රාවේ යන්නවුන්ගේ කෙරුවාව නුදුරේදීම රට හමුවට – ජනපති කියයි

0
487

වසර 11 තුළ රටේ පාලනය කළ සමයේ සංවර්ධනයට ක්‍රියා කළේ නම් අද කකුල් වල දියපට්ට එන තුරු පාද යාත්‍රා යාමට සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, මෙම පාද යාත්‍රාව සහ ඒ ගමන් කරන්නන්ගේ සියළු තොරතුරු ඉදිරියේ දී රටටම හෙළි කරන බවයි

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, ලඟම පාසල හොදම පාසල ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනේ අදියරක් ලෙස මවනැල්ල මෙඩෙරිගම මහා විද්‍යාලයේ පැවති උත්සවයට සහාභාගීවෙමින්.

 වරක් ජනාධිපත්ධුරයේ කටයුතු කළ නැවත ආණ්ඩුවක් ඉල්ලා  දෙපතුල් වල දියපට්ට එන තුරු ඇවිදීමට තමාට අවශ්‍ය නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරනය කළා.

 මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල  පිරිසක් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here