චාල්ස් රජු අගමැති සහ අගමැති මෝදි අතර දුරකථන සංවාදයක්

0
253

එක්සත් රාජධානියේ තුන්වන චාල්ස් රජු පසුගිය ජනවාරි 03 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බව වාර්තා වේ.

එහිදී ඉන්දියාවේ G20 කණ්ඩායමේ සභාපතිධුරයට පත්වීම ඇතුළුව තවත් රාජ්‍යතාන්ත්‍රික කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර ඇතැයි පැවැසේ.

අගමැති මෝදි සහ මේ වසරේ මැයි 06 වැනිදා රාජාභිෂේකය ලැබීමට නියමිත තුන්වන චාල්ස් රජු පොදුරාජ්‍ය මණ්ඩලය සහ එය තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ බවයි වාර්තා සඳහන් කරයි.

ඉන්දීය රජයේ ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ අගමැති මෝදි  සාර්ථක පාලනයක් සඳහා චාල්ස් රජුට සිය සුබ පැතුම් පළ කළ බවයි.

මෙම සංවාදය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, දේශගුණික ක්‍රියාමාර්ග, ජෛව විවිධත්වය සංරක්ෂණය, බලශක්ති සංක්‍රාන්තිය සඳහා මූල්‍යකරණය සඳහා නව්‍ය විසඳුම් යනාදිය ඇතුළුව දෙපාර්ශවය අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන විෂයයන් ගණනාවක් මෙම සංවාදයේදී සාකච්ඡා කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here