ඉන්දියාව ලොව උසම යුධ පිටියට කාන්තාවක් යවයි

0
357

ඉන්දීය හමුදාවේ ඉංජිනේරු බලකායේ කපිතාන් ශිව චෞහාන් අඩි 15,632 ක උසකින් පිහිටි ලොව උසම යුධ පිටිය වන සියචෙන් ග්ලැසියරයේ  කුමාර් පෝස්ට් වෙත පත් කර ඇත. ඉන්දීය ඉතිහාසයේ එවැනි තනතුරකට යුධ හමුදා කාන්තා නිලධාරිනියක් පත් වූ පළමු අවස්ථාව මෙයයි.

අතීතයේ දී, කාන්තා නිලධාරිනියන් ඔවුන්ගේ නිත්‍ය තනතුරුවල කොටසක් ලෙස අඩි 9,000 ක් පමණ උසින් පිහිටි සියචෙන් මූලික කඳවුරේ රාජකාරි සදහා යොදවා ඇත.

රාජස්ථානයේ පදිංචි කපිතාන් ශිව චෞහාන් බෙංගාල සර්ෆ් නිලධාරිනියකි. ඇය උදයිපුර් හි පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර උදයිපුර්හි තාක්ෂණ ආයතනයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක්ද ලබා ඇත.

ඇයට වයස අවුරුදු 11 වන විට පියා අහිමි වූ අතර ගෘහණියක් වන මව ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසවී ඇති බව යුද හමුදා වාර්තා සඳහන් කරයි.

කුඩා කල සිටම, ඇය ඉන්දියානු සන්නද්ධ හමුදාවට බැඳීමට කැමැත්තක් දක්වා ඇති අතර, චෙන්නායි හි පුහුණු කිරීමේ ඇකඩමියේ පුහුණුව අතරතුර අසමසම ජවයක් පෙන්නුම් කළ බවත්, 2021 මැයි මාසයේදී ඇයව ඉංජිනේරු රෙජිමේන්තුවට පත් කරන ලද බව හමුදා වාර්තා වැඩිදුරටත් අනාවරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here