Friday, April 19, 2024

රුසියාවෙන් තෙල් ආනයනය නිවැරදි තීරණයක් – ඉන්දීය විදේශ ඇමැති කියයි

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුම දියත් කළ 2022 පෙබරවාරියේ සිට ඉන්දියාව ආනයනය කර ඇති ප්‍රමාණයට වඩා හය ගුණයක පොසිල ඉන්ධන යුරෝපයවිසින් රුසියාවෙන් ආනයනය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් පෙන්වාදෙයි.

ඔහු මේ බව පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ආනයනය ඉහළ නැංවීමට ඉන්දියාව ගත් තීරණය නිවැරදි බව නැවත වරක් තහවුරු කරමිනි.

ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා පෙන්වාදී ඇත්තේ, රුසියාවෙන් ඉන්දියාව ඉන්ධන වැඩියෙන් ආනයනය කිරීම පිලිබ්නදව පැමිණිලි කිරීමට යුරෝපයට හැකියාවක් නොමැති බවයි.

යුරෝපීය දේශපාලන නායකත්වයට ඔවුන්ගේ ජනතාව යුක්රේන මත ගැටුමේ බලපෑම අවම කිරීමට අවශ්‍ය නම්, ඔවුන් භාවිත කරන වරප්‍රසාදය අනෙකුත් රාජ්‍යයන්ටද ද ලබා දිය යුතු බවද ඇමතිවරයා පැවසීය.

සාම්ප්‍රදායික අලෙවිකරුවන් වන ඉරාකය සහ සෞදි අරාබිය අභිබවා යමින් පසුගිය නොවැම්බරයේදී ඉන්දියාවේ ප්‍රමුඛතම තෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව ඇති බව වාර්තා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles