Saturday, April 27, 2024

තායිවානට චීනයේ ගුවන් ආක්‍රමණය දෙගුණ කරලා

තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයට 2022 වසරේදී චීනය විසින් යුද ගුවන් යානා යොදාගෙන සිදුකර ඇති ආක්‍රමණය දෙගුණයකින් වැඩි වී තිබෙන බව වාර්තා වේ.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්වෙන් අතර වසර ගණනාවක් පුරා පවතින්නේ දුරස්ථ සබඳතාවකි.

එහෙත්  2022 දී වඩාත් දෙපාර්ශවයේ සබඳතාවල විශාල පරිහානියක් දක්නට ලැබුණු අතර, අගෝස්තු මාසයේදී එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසි විසින් තායිවානයේ සංචාරයකට විරෝධය දැක්වීම සඳහා චීනය ගුවන් හා නාවික ආක්‍රමණයක් ලෙස ඉතිහාසයේ විශාලතම යුද අභ්‍යාසය දියත් කළේය.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන දත්ත අනුව, චීනය 2022 දී තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ගුවන් යානා 1,727 ක් යවා තිබේ. එය 2021 දී 960 ක් සහ 2020 දී 380 ක් ලෙස වාර්තා විය.

ප්‍රහාරක ජෙට් යානා වර්ග 2021 දී 538 සිට 1,241 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වූ අතර න්‍යෂ්ටික හැකියාව ඇති යානා ආක්‍රමණ 60 සිට 101 දක්වා වැඩි වී තිබෙනවා.

යුද විශ්ලේෂකයින් පවසන්නේ චීනය තායිවානයේ ආරක්‍ෂාව විමර්ශනය කිරීමටත්, එහි ගුවන් හමුදාව බිද දැමීමටත් , තායිවානයට, විශේෂයෙන් එක්සත් ජනපදයට බටහිර සහය ගැන අප්‍රසාදය පළ කිරීමටත් මෙම ආක්‍රමණය භාවිතා කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles