විරෝධතාකරුවන්ගේ අරමුදල් කපාහැරීමට හොංකොං සුදානම්වේ

0
348

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන්ට සැපයෙන අරමුදල් නියාමනය කිරීමට හොංකොං පාලනාධිකාරිය සුදානම්වේ. ඊට අදාළ රෙගුලාසි මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.

යෝජිත රෙගුලාසි යටතේ, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් හොංකොං හි විරෝධතාවන්ගේ නිරත විපක්ෂ කණ්ඩායම්, අරමුදල් රැස් කිරීමට පෙර ඒ සඳහා රජයෙන් නිල අනුමැතිය ලබා ගත යුතුය.

මහජන අදහස් සඳහා මෑතකදී නිකුත් කරන ලද මෙම රෙගුලාසි මගින්, ජාතික ආරක්ෂාවට අවදානම් ඇති කළ හැකි ක්‍රියාකාරකම් සඳහා මුදල් නොයෙදෙන බව සහතික කළයුතු අතර, මුදල් රැස්කරන සියලුම පුද්ගලයන් සහ සංවිධාන ඒ වෙනුවෙන් ස්ථාපනය කෙරෙන නව දෙපාර්තමේන්තුවකට සිය සැලසුම් ඉදිරිපත් කළ යුතුය.

හොංකොංහි හිටපු කතෝලික පල්ලියේ ප්‍රධානී කාදිනල් ජෝසප් සෙන් සහ තවත් කිහිපදෙනකු  මෑත කාලීන චෝදනාවට වැරදිකරුවන් වීමත් සමඟ, මුදල් විශුද්ධිකරණය සහ අරමුදල් ලියාපදිංචි කිරීමට අපොහොසත් වීම යන චෝදනා හරහා ක්‍රියාකාරීන්ට නව චෝදනා ගොනුකිරීමට හොංකොං පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී.

නව නීති මගින් විපක්ෂයේ අරමුදල් රැස්කිරීම් මූලාරම්භයේදීම වැලැක්වීමට අපේක්ෂා කරන බවයි වාර්තා වේ. මෙම රෙගුලාසි හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ගැති ව්‍යාපාරයට තවත් පහරක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here