Friday, April 26, 2024

පාකිස්තානයට අනතුරු ඇඟවීමක්

පාලක සභාගයේ ප්‍රධාන පක්ෂ දෙක වන පාකිස්ථාන මහජන පක්ෂය (PPP) සහ පාකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) යන පක්ෂ දෙකට එරෙහිව තීරණාත්මක පියවර ගන්නා බව සන්නද්ධ සංවිධානයක් වන ‘පාකිස්තාන ටෙහ්රීක්-ඊ-තලෙයිබාන්’ (TTP) නිවේදනය කර තිබේ.

එම පක්ෂ දෙක ඔවුන්ගේ ස්ථාවරයේ ස්ථිරව සිට දිගටම කටයුතු කරන්නේ නම්, එම පක්ෂවල ‘ප්‍රමුඛ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ඇත’ යනුවෙන් TTP නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එවැනි ප්‍රමුඛ පුද්ගලයන්ට සමීප වීමෙන් ජනතාව වැළකිය යුතු බවයි.

තම සංවිධානයේ ඉලක්කය වන්නේ රට අල්ලාගෙන සිටින ආරක්ෂක ආයතන බව මුළු ලෝකයම දන්නා බවයි TTP පෙන්වා දෙන්නේ.

TTP හෝ වෙනත් ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සාකච්ඡා නොකරන බව පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සනාවුල්ලා පසුගියදා ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ඇෆ්ගනිස්ථානය තම භූමිය වෙනත් කිසිදු රටකට එරෙහිව භාවිතා නොකරන බවට පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව ඉටු කරන ලෙස ඇෆ්ගන් රජයෙන් ඉල්ලා සිටින බවත්ය. මේ දිනවල පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ සැඟවී සිටින TTP සන්නද්ධ සාමාජිකයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles