උසස් පෙළ ඇරඹේ. ලයිට් කැපේ.. දුම්රිය ප්‍රමාද වේ…!

0
327

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ විය.

ඒ අනුව 2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2,200ක දී පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති අතර සිසුසැරිය බස් රථ සේවාව සහ විශේෂ දුම්රිය ගමන්වාර 16 ක්ද ක්‍රියාත්මක කෙරෙන බවයි සඳහන් වන්නේ. ඒ් අතර තුර සමුද්‍රදේවී දුම්රිය පීලි පැනීම නිසා මුහුදුබඩමාර්ගයේ විශාල ප්‍රමාදයක් ඇතිවී තිබේ.

අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන අද පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාතයංශය සහ මහජන උපයෝගිතා කොමිසම ඊයේ (22) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් එම ආයතන තුනම සදඟන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here