ඇෆ්ගනිස්ථානය ගැන කතාවකට ඉන්දියාව රුසියාවට

0
308

ඇෆ්ගනිස්ථානය පිළිබඳ කලාපීය සංවාදයක් සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඒ.කේ දොවාල් මෙම මාසයේ රුසියාවේ මොස්කව් වෙත පැමිණීමට අපේක්ෂා කරන බව වාර්තාවේ.

ඉන්දියාව 2021 දී මෙම සංවාදයට සත්කාරකත්වය දැක්වූ අතර, පසුව 2022 දී ටජිකිස්තානය ඊට සත්කාරකත්වය දැක්වීය.

පසුගිය මාසයේදී ඉන්දියාව ද ඇෆ්ගනිස්ථානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මධ්‍යම ආසියානු ජාතික ආරක්ෂක උපදේශන සභාව සංවිධානය කළේය.

මොස්කව් සංචාරයේදී දොවාල්ට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි පැට්රුෂෙව් ඇතුළුව
ඔහුගේ අනෙකුත් සගයන් හමුවීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

මෙය ඉන්දියාවේ ෂැංහයි සහයෝගිතා සංවිධාන සභාපතිධුරය සඳහා ද ප්‍රයෝජනවත් අභ්‍යාසයක් වනු ඇති බවයි වාර්තාවන්නේ.
.
රුසියාව වර්තමානයේ ඉන්දියාවේ විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here