BBCය යුද්ධයක් අරඹලාලු

0
317

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳ තහනම් කර ඇති BBC වාර්තා චිත්‍රපටය, BBC විවිධ පෙරමුණු හරහා තොරතුරු යුද්ධයක් දියත් කරන බවට තවත් සාක්ෂියක් බව රුසියාව පෙන්වාදෙයි.

මොස්කව්හි පැවති සතිපතා මාධ්‍ය හමුවේදී රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරොව් BBC වාර්තා චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරන ලද්දේ, BBCය බ්‍රිතාන්‍ය ඇතැම් පාර්ශ්වවලට එරෙහිව සමහර කන්ඩායම්වල මෙවලමක් ලෙස ක්‍රියා කරන බවයි.

බීබීසීය සිය වාර්තා චිත්‍රපටයේ 2002 ගුජරාට් කෝලාහල සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දොස් පැවරූ ආකාරය පිළිබඳ මාධ්‍ය විමසුමකට පිළිතුරු දෙමින් සකාරොව් සඳහන් කර ඇත්තේ, BBC යනු ස්වාධීන රූපවාහිනී සහ ගුවන්විදුලි සංස්ථාවක් නොව යැපෙන ආයතනයක් බවයි.

එය බොහෝ විට ජනමාධ්‍ය වෘත්තියේ මූලික අවශ්‍යතා නොසලකා හරින බවද සකාරෝවා පැවසීය.

පසුගිය සතියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස්ද, මෝදි පිළිබඳ BBC වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, මෙම වාර්තා චිත්‍රපටය නිකුත් වූ දා සිට මතභේද ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here