Thursday, April 25, 2024

දලයි ලාමාට කෙරෙන චීන බලපෑම් ජපානය හෙළාදකී

ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාවරුන් තෝරාගැනීමට චීනයේ මැදිහත් වීම, ලෝක සම්මේලනයට අනුබද්ධ ජපාන බෞද්ධ සම්මේලනය හෙළාදැක තිබේ.

එම සම්මේලනයේ මහලේකම් මිසුටානි එයිකොන් විසින් මේ සම්බන්ධයෙන් චීනයට විරෝධය පලකර ඇති බව පැවසේ.

චීනය ආගමක් අදහන්නේ නැති බවත්, චීනය විසින් මීළඟ දලයි ලාමා තෝරා ගැනීමට පවා බලය ඉල්ලන බවත් තමන්ට හැඟෙන බව ජපාන සම්මේලනය පෙන්වාදී ඇත.

මෙම තත්වය ලොව පුරා සිටින ආගමික ප්‍රජාවට, විශේෂයෙන් බෞද්ධයන්ට සහමුලින්ම අපහාසයක් බවත්, චීනය බෞද්ධාගම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කිරීමට කාලය එළඹ ඇති බවත් ජපාන සම්මේලනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ටිබෙට් ජාතිකයින්ට නිදහසේ ආගම ඇදහීමට ඉඩ දෙන ලෙසත් මීළඟ දලයි ලාමා තේරීමට මැදිහත් වීම නවත්වන ලෙසත් චීන අධිකාරියෙන් ඉල්ලා සිටීමට එම සම්මේලනයේ සාමාජිකයින් තීරණය කර ඇති බවද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles