Friday, April 19, 2024

ඇමෙරිකාවේ චීන්නුන්ට චීනෙන් තර්ජන

චීනයේ කොමියුනිස්ට් බලධාරීන්ගෙන් විසින් සිය පොලිස් ස්ථාන සහ වෙනත් ක්‍රම හරහා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන චීන සිසුන්ට තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

කොමියුනිස්ට් පක්ෂයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව චීන විශ්ව විද්‍යාලවල සිසුන්ගේ විරෝධතාවලදී, ඇමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින චීන සිසුන් විසින් එම ක්‍රියාවන් අගය කිරීම ඊට හේතුවයි.

මේ පිලිබඳ තොරතුරු වාර්තා කරන ඇමරිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ද ඩේලි බීස්ට් හි වාර්තා සඳහන් කරන ආකාරයට, එක්සත් ජනපද විශ්ව විද්‍යාල වෙත, දැන් ලෝකයේ වඩාත්ම ඒකාධිපති බලවේගය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන්ගෙන් වැඩි තර්ජනයක් එල්ලවී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව විරෝධතා දක්වන මෙම සිසුන්ගේ දෙමාපියන් චීනයේ ආරක්ෂක පොලිස් ස්ථාන විසින් සම්බන්ධ කර ගන්නා අතර, ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නතර නොකළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව පවසමින් අනතුරු අඟවා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles