ප්‍රභාකරන්ගේ අවතාරය මතුවේ…

0
338

එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී නෙදුමාරන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ තන්ජාවුර් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී නෙදුමාරන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන්ට සහය ලබාදීම සදහා ලොව පුරා සිටින දෙමළ ජනතාව එක්විය යුතු බවයි.

කෙසේවෙතත් අභාවප්‍රාප්ත එල් ටී ටී ඊ් නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් ඇතමුන් සිදුකරන හාස්‍යජනක හා අසත්‍ය ප්‍රකාශවලට හසු නොවන ලෙස ජේෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියෙකු වන ආර් කේ රාධක්‍රිෂ්ණන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here