විදුලිය කැපීම අත්හිටුවෙද්දී… රෑ කඩ කෑම මිල අහසට…

0
405

විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (16) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි

විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග මෙතෙක් ක්‍රියාත්මක විදුලි කප්පාදුව අද සිට නතර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here