උපත් පහත වැටීම නිසා චීන ළදරු පාසල් හිස්වෙලා

0
305

වසර පහකට පෙර, දකුණු චීනයේ ගුයෑන්ග්ශි ස්වයං පාලන කලාපයේ 656,000 ජනතාවගෙන් යුත් ප්‍රාන්තයක් වන රොන්ග්ෂියන් හි ලියු ඩේවි බෙයිලි ළදරු පාසල ආරම්භ කරන විට, ඔහු ළමුන් 140ක් බඳවාගෙන තිබිණි.

නමුත් 2020 වන විට එම සංඛ්‍යාව 30 දක්වා පහත වැටී තිබිණි. මුලදී ඔහු සිතුවේ එය කොරෝනා වයිරසය පිළිබඳ බිය නිසා බවයි.  කෙසේ වෙතත්, පසුගිය වසරේ අගභාගයේදී බීජිං සිය දැඩි වෛරස් සීමාවන් ඉවත් කිරීමෙන් පසුව පවා, කිසිදු වර්ධනයක් පෙන්වා නොමැත.

මේ වන විට චීනයේ පෙර පාසල් වෙළඳපොළේන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් රටේ උපත් අනුපාතිකය පහත වැටීම හේතුවෙන් මේ වන විට අර්බුදයට ගමන්කර ඇත.

නිල දත්ත වලට අනුව චීනයේ අලුත උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව 2016 දී මිලියන 18.8 සිට පසුගිය වසරේ මිලියන 9.5 දක්වා අඩකට ආසන්න ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, 2021 දී අඛණ්ඩව දෙවන වසරටත් පෞද්ගලික ළදරු පාසල් සංඛ්‍යාව සහ ඔවුන් බඳවා ගැනීම් යන දෙකම පහත වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here