Saturday, April 27, 2024

පාකිස්තානයේ IMF ණයට බාලගිරි

රට බංකොලොත් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) අපේක්ෂා කරන ණය මුදලේ පළමු කොටස වන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 මෙතෙක් නිදහස් කර නොමැති බැවින් පාකිස්තානයට ඉදිරියේදී දුෂ්කර කාලයන් වලට මුහුණ දීමට සිදුවෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ආර්ථිකය කඩා වැටීම වැලැක්වීම සඳහා පාකිස්ථානය IMF වෙතින් ඩොලර් බිලියන 07 ක ණය  පැකේජයක් ඉල්ලා තිබෙනවා.

පාකිස්තානයේ වත්මන් ආර්ථික අර්බුදය දශක ගණනාවක වැරදි ප්‍රතිපත්තිවල උච්චතම අවස්ථාවක් බව විශ්ලේෂකයන් විශ්වාස කරන බව අල් අරාබියා පෝස්ට් වාර්තාවක දැක්වේ.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ප්‍රතිසංස්කරණ කිහිපයක් ඉල්ලා සිටින අතර එහි කොන්දේසිවලට අනුකූල විය යුතුය.

නේතන් පෝටර්ගේ නායකත්වයෙන් යුත් IMF මෙහෙයුම් කණ්ඩායම, ණය පැකේජයේ නවවන සමාලෝචනය සඳහා මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් නියෝජනය කරන පාකිස්ථාන රජය සමඟ පසුගිය ජනවාරි 31දා සාකච්ඡා ආරම්භ කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles