Friday, April 26, 2024

පාකිස්තාන කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමට ගත් තීරණයට දැඩි විවේචන

පැහැදිලි නිර්ණායකයකින් තොරව සිය කැබිනට් මණ්ඩලයට නව සාමාජිකයන් එක් කිරීමට පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ගත් තීරණය විවේචනයට ලක්ව තිබේ.

රට ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක එවැනි තීරණයක් ගැනීම සංවේදී නොවන පියවරක් බව විශේෂඥයින් පෙන්වා දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ බලයට පත් වූ දා සිට ෂෙහ්බාස් ෂරීෆ් වියදම් රටේ වියදම් කප්පාදුව කරන ලෙස අවධාරණය කරමින් සිටින අතරතුර මෙසේ කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමට කටයුතු කර ඇත.

හිටපු සෙනෙට් සභික සහ නීතීඥ මුස්ටාෆා නවාස් කොහාර් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාකිස්ථානයේ ආයෝජන මණ්ඩලයේ සභාපති හරූන් ෂරීෆ් ඇතුළු පිරිසක් පාකිස්ථාන මුස්ලිම් ලීගය නවාස් (PML-N) ප්‍රමුඛ පාලක සන්ධානයට චෝදනා කර ඇත්තේ රටේ ජනතාවගේ ගැටළු ගැන අවධානය යොමු නොකරන බව දක්වමිනි.

රට මුහුණදී ඇති නරකම මූල්‍ය අර්බුදය මධ්‍යයේ කැබිනට් මණ්ඩලයේ වහාම අඩුකරන ලෙසද විපක්ෂය ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles