Saturday, April 20, 2024

හත්වන ඉන්දීය සහන කණ්ඩායමත් තුර්කිය බලා පිටත් වේ.

ඉන්දීය ගාසියාබාද් ගුවන් කඳවුරෙහි සිට හත්වන ගුවන් සහනාධාර මෙහෙයුම් කණ්ඩායමද තුර්කි-සිරියානු භූකම්පා ප්‍රදේශ වෙත පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, මෙම අත්‍යාවශ්‍යය භාණ්ඩ ඇතුලත් ගුවන් යානය පළමුව සිරියාවේ දමස්කස් වෙත ගමන් කරන අතර, අදාළ සහන ද්‍රව්‍ය ලබා දීමෙන් අනතුරුව එය තුර්කියේ අදානා වෙත ගමන් කරන බවයි.

අමාත්‍යංශය සඳහන් කරන අන්දමට ගුවන් යානය තුල ටොන් 35 කට වැඩි සහන ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති අතර, එයින් ටොන් 23 ක් පමණ සිරියාව සදහාද ඉතිරි ටොන් 12ක පමණ ද්‍රව්‍ය ප්‍රමාණයක් තුර්කියට යොමුකර තිබේ.

ඉන්දියාවෙන් යවන ලද හයවන සහන ගුවන් යානය මීට පෙර ගලවා ගැනීමේ කණ්ඩායම් හා සුනඛ කණ්ඩායම් සමග තුර්කියට ගොඩබැස තිබේ.

ඉන්දීය හමුදා ක්ෂේත්‍ර රෝහල් තුර්කීයේ දැනටමත් පිහිටුවා ඇති අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වීඩියෝවක් බෙදාහරිමින් පවසා ඇත්තේ, ඉන්දීය හමුදා කණ්ඩායම් ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ඉස්කෙන්ඩරුන් ක්ෂේත්‍ර රෝහලේ පැය 24×7 පුරා එහි සේවයේ දී සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles