ඉසුරුපායට අහසින් වැඩි භික්ෂූන්

0
324

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩා  වැදීම සම්බනධයෙන්  භික්ෂූන් වහන්සේලා සහ සිසුන්  67  දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මින් 58 දෙනෙකු ශිෂ්‍ය භික්ෂුන් බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරපස ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළු වූ  එම පිරිස අධ්‍යාපන ඇමැතිවරයාගේ නිලකාමරය පිහිටි තෙවන මහළට කඩාවැසී විරෝධතාක නිරත  වෙමින් සිටියදි මෙම පිරිස අත්අඩංගුවට පත් වුහ

විරෝධතාවය අතරවාරයේ පොලිසිය ගුරු මාරු මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි.

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ නියෝජිතයන් වන නාලක සිල්වා සහ සමිත් හර්ෂනාථ යන ගුරුවරුන් දෙදෙනා පොලිසිය පහරදී අත්අඩංගුවට ගත් බවද ඔවුන් ඊයේ (23) රාත්‍රිය වන තෙක් තලංගම පොලිසියේ රඳවාගෙන තිබූ බවද ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික පරණවිතාන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here