හමුදාවට පාකිස්ථානයේ බලය වෙනස්කරන්න බැරිලු

0
302

පාකිස්තානයේ නව හමුදා නායකත්වය විසින් රාජ්‍ය තන්ත්‍රය වෙනස් කිරීමේ අත්හදා බැලීම අසාර්ථක වී ඇති බව හිටපු අගමැති සහ පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) සභාපති ඉම්රාන් ඛාන් පවසයි.

ඔහු එක්සත් ජනපද නාලිකාවක් වන වොයිස් ඔෆ් ඇමෙරිකා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසූයේ නව හමුදා නායකත්වය විසින් වත්මන් පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අත්හදා බැලීම වැරදී ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් ඉම්රාන්ව බලයෙන් පහකිරීමෙන් පසු, පාකිස්තානයේ බලවත්ම ආයතනය වන හමුදාව සමඟ පැවති සමීප සබඳතාව හිටපු අගමැතිවරයා විසින් නවතා දමනු ලැබීය.

අග්‍රාමාත්‍යවරයා ලෙස හමුදාව සමඟ ඇති සම්බන්ධය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඛාන් කියා සිටියේ පාකිස්තානයේ හමුදාවේ සියලු ප්‍රතිපත්ති රඳා පවතින්නේ එක් පුද්ගලයෙකු මත බවයි.

මිලිටරි යන්නෙන් අදහස් කරන්නේ එක් මිනිසෙක් වන අතර ඔහු හමුදා ප්‍රධානියා බව හිටපු අගමැතිවරයා පෙන්වාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here