Monday, April 29, 2024

ජනගහණයෙන් චීනය අභිබවා යෑමට ඉන්දියාව සුදානම්

එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තා ආරම්භ වූ 1950 සිට ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට බවට පත්ව සිටි චීනය අභිබවා යමින් ඉන්දියාව මේ වසරේ ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට බවට පත්වීමට සූදානමින් සිටී.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව ඉන්දියාව දැනටමත් මෙම සන්ධිස්ථානයට පැමිණ ඇති නමුත් අප්‍රේල් මාසයේදී නිල වශයෙන් ඉන්දියාව චීනය අභිබවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන දත්ත ආරම්භ වූ 1950 වසරේ සිට ඉන්දියාවේ ජනගහනය බිලියන 01කට වඩා වැඩි සංඛ්‍යාවකින් වර්ධනය වී ඇත.

2011 වසරේ සිට ඉන්දියාව සංගණනයක් සිදු කර නොමැති බැවින් රටේ ජනගහනයේ නිශ්චිත ප්‍රමාණය පහසුවෙන් දැනගත නොහැකි නමුත්, රටේ බිලියන 1.4 කට වැඩි ජනගහනයක් සිටින බවට ගණන් බලා ඇත.

සමස්ත යුරෝපයේ ජනගහනය මිලියන 744ක් වන අතර ඇමරිකාවේ ජනගහනය බිලියන 1.04 කි.

චීනයේ ද බිලියන 1.4 කට වැඩි ජනතාවක් සිටින නමුත් චීනයේ ජනගහනය අඩුවෙමින් පවතින අතර ඉන්දියාවේ ජනගහනය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles