චීනය විදෙස් මාධ්‍යයට වැට බැන්ඳ හැටි හෙළිවෙයි

0
326
People watching the Olympic torch relay carry placards demanding that CNN (Cable News Network) apologize to China, in Hong Kong May 2, 2008. China lodged a formal complaint last month against U.S. television network CNN and said it should make a sincere apology over remarks made by one of its commentators. REUTERS/Bobby Yip (CHINA) - GM1E4521C2T01

චීනය තුල විදෙස් මාධ්‍යවේදීන් 2022 වසරේදී දැඩි කොවිඩ් පාලනයන්, පුලුල්ව පැතිරුණු හිරිහැර සහ නිරන්තර සෝදිසි කිරීම්වලට ලක් වූ බව මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගියදා අනාවරණය කළේය.

“චීනයේම ප්‍රමිතීන්ට අනුව සෞඛ්‍ය අවදානමක් නැත” යනුවෙන් සහතික ඉදිරිපත් කර තිබියදීත්, රට තුළ සිටින විදේශීය මාධ්‍යවේදීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට සෞඛ්‍ය සහ ආරක්‍ෂාක හේතු මත ප්‍රවේශය වළක්වන ලෙස පසුගිය වසරේ නියෝග කර ඇති බව චීන විදේශ වාර්තාකරුවන්ගේ සමාජය (FCCC) සිය වාර්ෂික වාර්තාවෙන් අනවරණය කර ඇත.

විදෙස් ජනමාධ්‍යවේදීන්ගෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් කියා සිටියේ අවම වශයෙන් තම මූලාශ්‍රවලින් එකක් විදේශීය මාධ්‍යවලට කතා කිරීම හේතුවෙන් හිරිහැරයට, රඳවා තබා ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ වෙනත් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දී ඇති බවයි.

ඔවුන්ගෙන් සියයට 45ක් පැවසුවේ චීන සගයන්ට ඒ හා සමාන නිල පීඩනයක් සිදු වූ බවයි.

දිගු නිරෝධායන කාලසීමාවක් සහ ගමන් කිරීම සීමා කරමින් චීනය පසුගිය වසරේ වැඩි කාලයක් දැඩි කොවිඩ් සිමාවන් පවත්වාගෙන ගිය අතර, ඉන් පිඩාවට පත් චීන ජනතාව 2022 වසර අවසානයේ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝගවලට එරෙහිව විරෝධතා ආරම්භ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here