Saturday, July 27, 2024

TikTok තහනමට ඇමෙරිකානු ජනපතිට බලය ලැබෙන පනතක් ළඟදීම

ඇතැම් නීති සම්පාදකයින්ගේ විරෝධතා නොතකා එක්සත් ජනපදයේ TikTok තහනම් කිරීමට ජනාධිපති ජෝ බයිඩන්ට බලය ලබා දෙන පනත් කෙටුම්පතක් අනුමත කිරීමට කොංග්‍රස් මණ්ඩල විදේශ කටයුතු කමිටුව බදාදා ඡන්දය ප්‍රකාශ කළ බව ABC පුවත් වාර්තා කරයි.

මෙහි අරමුණ වන්නේ TikTok සහ චීන සමාගම් සතු අනෙකුත් යෙදවුම් තහනම් කිරීමට විධායකයට ඉඩ සලසන නීතිමය රාමුවක් නිර්මාණය කිරීමයි.

චීනයට අයත් යෙදවුමක් වන TikTok “ජාතික ආරක්ෂක අවදානමක්” බව ධවල මන්දිරය පසුගියදා ප්‍රකාශ කළේය.

ටික්ටොක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විශ්වාස කරන්නේ දැයි යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karine Jean-Pierre පවසා ඇත්තේ, “අපට කනස්සල්ලක් ඇති බව අපි පවසා ඇත්තෙමු. ඒ නිසා තමයි අපි කොංග්‍රසයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේ “.

පසුගිය සඳුදා රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් TikTok යෙදවුම ඉවත් කිරීමට ධවල මන්දිරය රාජ්‍ය ආයතනවලට දින 30 ක කාලයක් ලබා දෙන බව නිවේදනය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles