ආර්ථික වර්ධනයේදී ඉන්දීය තාරුණ්‍යයට වැඩි අවස්ථා

0
306

ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමේ ඉන්දියාවේ අධිෂ්ඨානය තරුණයින්ගේ කුසලතා මගින් සාක්ෂාත් කරගත හැකි බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ගුජරාට් හි පැවති උත්සවයක් අමතමින් අගමැති මෝදි පැවසුවේ, රට තුළ නිර්මාණය වන නව හැකියාවන් සඳහා විශාල පරිමාණයෙන් නිපුණ ශ්‍රම බලකායක් සූදානම් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

ඉන්දියාවට ලොව තෙවැනි විශාලතම ආර්ථිකය වීමේ ඉලක්කය සපුරා ගත හැක්කේ තරුණ කුසලතා බලයෙන් පමණක් බවද සමාජයේ සියලුම කොටස් සඳහා කුසලතා ප්‍රතිලාභ සහතික කිරීමට උත්සාහ කරමු යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණය වැනි ක්ෂේත්‍රවල දැවැන්ත ආයෝජන ප්‍රමාණය රැකියා උත්පාදනයට තුඩු දෙන වර්ධනයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

“ඉදිරි වසරවලදී ඉන්දියාව විශාලතම නිෂ්පාදන කේන්ද්‍රස්ථානය වනු ඇතැයි ලොව පුරා සිටින ප්‍රවීණයන් පවසයි. ගුජරාටයට මේ සඳහා විශාල කාර්යභාරයක් ඇත. ගුජරාටය අර්ධ සන්නායක සඳහා විශිෂ්ට කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු ඇත,” යැයි අගමැති මෝදි වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here