Friday, April 19, 2024

කාශ්මීරය ගැන බොරු කියන්න එපා – ඉන්දියාව එක්සත් ජාතීන්ට කියයි

කාශ්මීරයේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ අදහස් සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරයේදී මහ කොමසාරිස්වරයාගේ වාචික යාවත්කාලීන කිරීම පිළිබඳ සාමාන්‍ය විවාදයේදී ප්‍රකාශයක් කරමින්, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනි පාණ්ඩේ ප්‍රකාශ කළේ, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරයක් නොමැති බවයි.

“2019 අගෝස්තු මාසයේ සිදු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් වලින් පසු, ප්‍රජාතන්ත්‍රවාදය බිම් මට්ටමට ගෙන යාම, දේශපාලන ක්‍රියාවලීන් සඳහා ජනතා සහභාගීත්වය ඉහළ නැංවීම, ජනතාවට යහපාලනය සහ ආරක්ෂාව සැපයීම සහ සමස්ත සමාජ ආර්ථික ක්‍රියාකාරකම්වල ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ පෙර නොවූ විරූ ප්‍රගතියක් දක්නට ලැබේ.” යැයි පාණ්ඩේ පැවසීය.

“මෙම සන්දර්භය තුළ, ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ අනවශ්‍ය සහ සත්‍ය වශයෙන්ම සාවද්‍ය නිරූපණය ගැන අපි කනගාටු වෙමු. ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ප්‍රකාශයක් ඉන්දියාවේ මෙම විරෝධයට හේතුවී තිබේ. ඔහු පවසා ඇත්තේ, මෑත මාසවලදී කාශ්මීරයේ “කනස්සල්ලට පත්වන මානව හිමිකම්” තත්ත්වයන් පිළිබඳව ඉන්දියාව සහ පකිස්ථානය සමඟ සාකච්ඡා කිරීමට තමාට සිදුව ඇති බවයි.

“කලාපයට අර්ථවත් ප්‍රවේශය ඇතුළුව මගේ කාර්යාලයට සහාය විය හැකි ආකාරය මම දිගටම අධ්‍යයනය කරමි,” යයි ටර්ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ සිය ගෝලීය යාවත්කාලීනයේදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles