Saturday, April 20, 2024

ඇෆ්ගන් කුසගිනි නිවන්න ඉන්දියාවෙන් තිරිඟු මෙට්‍රික් ටොන් 20,000ක්

ඇෆ්ගනිස්ථානයේ භූමිය කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා භාවිත නොකළ යුතු බවත්, කාන්තාවන් සහ සුළු ජාතීන් ඇතුළු සියලුම ඇෆ්ගනිස්ථානුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන දේශපාලන ව්‍යුහයක් කාබුල්හි පිහිටුවීමට ඉල්ලා සිටින බවත් ඉන්දියාව සහ මධ්‍යම ආසියාතික රටවල් පහක් ප්‍රකාශ කර ඇත.

නවදිල්ලියේ පැවති ඇෆ්ගනිස්ථානය පිළිබඳ ඉන්දියා-මධ්‍යම ආසියා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී යුද්ධයෙන් විනාශ වූ රටේ තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.

සත්කාරක ඉන්දියාවට අමතරව, කසකස්තානය, කිර්ගිස් ජනරජය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල විශේෂ නියෝජිතයන් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගි වූහ.

මෙම රැස්වීමේදී, ඉන්දියාව විසින් ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 20,000 ක නව ආධාරයක් ලබා දෙන බවද නිවේදනය කරන ලදී.

ත්‍රස්තවාදය, අන්තවාදය, රැඩිකල්කරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් යන කලාපීය තර්ජන පිළිබඳව සාකච්ඡා කළ නිලධාරීන්, මෙම තර්ජන මැඩලීමේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළ බව ඔවුන් නිකුත්කළ ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ.

ත්‍රස්තවාදී ක්‍රියා සඳහා නවාතැන්, පුහුණුව, සැලසුම් කිරීම හෝ මූල්‍ය පහසුකම් සැපයීම සඳහා ඇෆ්ගනිස්ථානයේ භූමි ප්‍රදේශය භාවිතා නොකළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇති අතර, UNSC 1267 යෝජනාව මගින් නම් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන ඇතුළු කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට ආරක්ෂාව ලබා නොදිය යුතු බවත්, එම ප්‍රදේශය භාවිතා කිරීමට ඉඩ නොදිය යුතු බවත් වැඩිදුරටත් ඔවුන් අවධාරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles