ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියානුවන්ගේ ආරක්ෂාව ගැන සහතිකයක්

0
284

ඕස්ට්‍රේලියාවේ කෝවිල්වලට මෑතදී එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදී එරට සිටින ඉන්දියානු ප්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්මට ප්‍රමුඛතාවයක් ලබා දෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහතික වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසයි.

සිය තෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අගැමති මෝදි මෙම අදහස් පල කළේය.

ඉන්දීය ඩයස්පෝරාව ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සංක්‍රමණික ප්‍රජාව බව අග්‍රාමාත්‍යවරයා එහිදි පෙන්වාදුන්නේය.

කැන්බරාහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා මෙල්බර්න් හි හින්දු කෝවිල් තුනක් විනාශ කිරීම හෙළා දුටු අතර, ඉන්දියානුවන් සහ ඔවුන්ගේ දේපළවල ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කරන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියේය.

ජනවාරි මාසයේදී, මෙල්බර්න් හි ඇල්බට් පාර්ක් ප්‍රදේශයේ හරේ ක්‍රිෂ්ණා දේවාලය විනාශ කරන ලද අතර, ජනවාරි 16 වන දින ශ්‍රී ශිව විෂ්ණු කෝවිලක් ද සහ ජනවාරි 12 වන දින ස්වාමිනාරායන් කෝවිලක්ද විනාශ කර ඇත.

මෙම විනාශකාරී සිදුවීම් සාමකාමී බහු ආගමික සහ බහු සංස්කෘතික ඉන්දියානු-ඕස්ට්‍රේලියානු ප්‍රජාව අතර වෛරය සහ භේදය වැපිරීමේ පැහැදිලි උත්සාහයන් බව ඕස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here