ටිබේට් සංස්කෘතිය රැකගන්න ලොවපුරා විද්වතුන් පෙළගැසෙයි

0
306

චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ “ටිබෙටයේ යටත් විජිත නේවාසික පාසල් ව්‍යාපෘතිය” නතර කරන්නැයි ඉල්ලා සිටින ලෙස ලෝකයේ විවිධ ප්‍රදේශවල විශේෂඥයින් G7 නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
“චීනයේ යටත් විජිත පිළිවෙත් සහ ටිබෙටයේ සංස්කෘතික අනන්‍යතාවයට ඇති තර්ජනය” මැයෙන් පැවති අන්තර්ජාල සංවාදයකදී මෙම ඉල්ලීම සිදුකර ඇතැයි මධ්‍යම ටිබේට් පරිපාලනය නිවේදනය කළේය.
එහිදී විශේෂඥයින් විසින් මෑතකදී එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව (CESCR) විසින් මතු කරන ලද විවිධ මානව හිමිකම් ගැටළු සාකච්ඡා කළහ.
ටිබෙටයේ චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) විසින් පිහිටුවන ලද සහ පවත්වාගෙන යන නේවාසික පාසල් දාමයකට ටිබෙට් දරුවන් බලහත්කාරයෙන් තල්ලු කිරීමේ අඛණ්ඩ චීන ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළ විද්වතුන් පැවසුවේ මුළු ලෝකයටම අයත් පොහොසත් සංස්කෘතියක් අතුගා දැමීම මේ හරහා සිදුවන බවයි.
ටිබෙටයේ සංස්කෘතික අනන්‍යතාවයට තර්ජනයක් සහ හිංසා පීඩා කිරීම ලෝකය විසින් එය නැවැත්වීමට පියවර නොගන්නා තෙක් පවතිනු ඇති බව විද්වතුන් පෙන්වා දුනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද මෙහිදී ප්‍රශංසාවට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here