Wednesday, April 24, 2024

ආර්ථික අර්බුදය සඟවන චීනය

චීනයේ යථාර්ථවාදී නොවන ඉලක්ක එහි ආර්ථික වර්ධන අපේක්ෂාවන්ට හානියක් වන අතර එමගින් පාරිභෝගික වියදම්, නිෂ්පාදන සහ වෙළඳාම කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ආර්ථික වර්ධන ඉලක්ක අත්පත් කර ගත නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2022 දී චීනය සිය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ඉලක්කය සියයට 5කට වඩා වැඩි අගයක් ලෙස තබා ඇති අතර අත්පත් කර ගනු ලැබුවේ සියයට 3ක් පමණ විය.
14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ (NPC) සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ (CPPCC) වාර්ෂික පූර්ණ සැසිවාරය, ඉදිරි වසරවලදී චීන දළ දේශීය නිෂ්පාදිතය පහත වැටීමට හේතුව පෙන්වා දී තිබේ.
වසර ගණනාවක් බාධාවකින් තොරව ප්‍රසාරණය වීමෙන් පසු කඩා වැටුණු දේපල වෙළඳාම් අර්බුදය චීනයේ ආර්ථිකයේ සැබෑ තත්වය පෙන්නුම් කරයි. සාමාන්‍ය ආර්ථික වාතාවරණයක් තුළ, එවැනි තත්වයක් කිසි විටෙකත් සිදුවීමට ඉඩ නොමැති බව මාධ්‍ය වාර්තා කරයි.
චීන ආර්ථිකයේ සැබෑ තත්ත්වය ලෝක මට්ටමින් අහිතකර ප්‍රතිවිපාක ඇති කරනු ඇත.
අවධානය යොමු කළ යුතු තවත් අංශයක් වන්නේ COP27 තුළ චීනය සිය පොරොන්දු පැහැර හරින ආකාරයයි.
‘සැසි දෙකෙන්’ මතුවන තවත් වැදගත් පණිවිඩයක් නම්, ශ්‍රම බලකාය පිලිබඳ වැඩෙන උත්සුකය චීනය ප්‍රතික්ෂේප කිරීමයි.
මේ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොවූවත්, උපත් අනුපාතය අඩුවීම සහ ශ්‍රම බලකායේ වයස්ගත වීම හේතුවෙන් විවාහ වීමේ නීත්‍යානුකූල වයස අඩු කිරීම පිළිබඳ කතාබහක් නිර්මාණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles