Saturday, April 27, 2024

චීනය වැඩිහිටි දීමනා කප්පාදු කරයි – විශ්‍රාම වයස ඉහළ නැංවීමටත් යෝජනා

ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් පසු සංකෝචනය වූ ආර්ථිකය හේතුවෙන් දැඩි මහජන විරෝධයකට තුඩු දී තිබෙන විශ්‍රාම වයස ඉහළ නැංවීමට සහ වෛද්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට චීන රජය සැලසුම් කරමින් සිටින බව සීඑන්එන් වාර්තා කර තිබේ.
මාසික වෛද්‍ය ප්‍රතිලාභ ගෙවීම් විශාල ලෙස කපා හැරීමට විරෝධය දැක්වීම සඳහා වයෝවෘද්ධ පුද්ගලයින් දහස් ගණනක් ජනවාරි සිට වීදි බැස සිටිති.‍
මෙම විරෝධතා තවදුරටත් පැතිර යා හැකි බවට චීන බලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බව පෙනේ.
මෙම විරෝධතාවලට අදාළ දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය තුළ වාරණයට ලක් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කළේය.
චීනයේ සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමය එහි සීමිත සමාජ ආරක්ෂණ ජාලයේ ප්‍රධාන කොටසකි. නාගරික ප්‍රදේශවල වත්මන් සහ විශ්‍රාමික සේවකයන් සඳහා වෛද්‍ය වියදම්වලින් කොටසක් එය ආවරණය කරයි.
ජනවාරි මාසයේ සිට හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණවලින් පසුව, සියලු පුද්ගලික ගිණුම් සඳහා ගෙවීම් අඩු කරන ලදී.
විශ්‍රාමිකයින් සංඛ්‍යාව ශ්‍රම බලකායට ඇතුළු වන තරුනයින් සංඛ්‍යාව අභිබවා යාමත් සමඟ චීනයේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය සහ අනෙකුත් පොදු සේවාවන් වැඩි වන මූල්‍ය ආතතියට ලක්ව ඇත.
අභියෝගයට මුහුණ දීම සඳහා රජය විශ්‍රාම යන වයස වැඩි කිරීමට උත්සහ කරමින් සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles