Thursday, October 31, 2024

අගමැති සරසවි ආචාර්ය සමිති සාකච්ඡා අද

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ ගැටලු පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය සමග අද (04 වැනිදා) සාකච්ඡා කරයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපන අගමැති හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ෂෙහාන් ද සිල්වා යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වෙති.

රාජ්‍ය සේවයේ වැටුප් සකස්‌ කිරීමේ චක්‍රලේඛය විශ්වවිද්‍යාල පද්ධතියට ක්‍රියාත්මක කිරීම, ආචාර්යවරුන්ට හානිදායක අයුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛ අහෝසි කිරීම, රජයේ නිලධාරීන්ට ලබාදෙන තීරු බදු සහන වාහන බලපත්‍රය ඒ අයුරින්ම ආචාර්යවරුන්ට ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ ආචාර්ය සමිති සම්මේලනය අගමැතිවරයාට ලිතව ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ එම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවය.

කෙසේ වුවද ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සම්මේලනයේ විධායක සභාව හෙට (05 වැනිදා) රැස්‌වන බව එහි සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා  ඊයේ (03 වැනිදා) පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles