ACM රාම් මෙරටට පැමිණේ.

0
419

ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගේ ආරාධනයකට අනුව ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මැතිතුමන් ඇතුලු දූත පිරිසක් 2023 මැයි මස 01වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණෙන ලදි.  

ශ්‍රී ලංකාවට පැමිණි  ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිළ හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී ඊයේ දින (02) උත්සවය සිදුවිය.  
 
ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයට පැමිණි  ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා ඇතුලූ දූත පිරිස ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි තුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක‍්ෂාංගය විසින් සම්මාන මුර පෙළපාලියකින් හමුදා ආචාර පුදකරන ලදි.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානිතුමන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති තුමන් නිල සාකචිඡාවක නිරතවු අතර එහිදි කලාපීය ගුවන් හමුදාවන් අතර සහයෝගිතාවය වර්ධනය කරගැනිම ඒකාබද්ධ පුහුණුවිම් හා තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනිම මෙන්ම සමුද්‍රිය ආවේක්ශන මෙහෙයුමි පුළුල් කිරිම පිළිබද සාකචිඡා සිදුකරන ලදි 
   
ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති අතර සිදු මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සදහා ශ්‍රී  ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරින්ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here