කාශ්මිරයේ ස්ථාන 300ක් චිත්‍රපට පසුතල සඳහා ප්‍රවර්ධනයට සැලසුම්

0
798

ජම්මු සහ කාශ්මීරයේ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගමනාන්ත 300 ක් තෝරාගෙන තිබේ.
G-20 සමලුව ඒ සඳහා විශිෂ්ට අවස්ථාවක් වනු ඇති බව ජම්මු හා කාශ්මීර සංචාරක දෙපාර්තමේන්තුව පැවසීය.
ශ්‍රීනගර් හි ඉනොක්ස් සිනමාහලේදී තාරික් භාට් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Welcome To Kashmir’ චිත්‍රපටයේ පළමු ප්‍රදර්ශනයට එක් වූ අවස්ථාවේ ප්‍රාන්ත සංචාරක කොමසාරිස්වරයා පැවසුවේ පසුගිය වසරේ දී නිකුත් වූ චිත්‍රපට 200 කට වැඩි ප්‍රමාණයක් ජම්මු හා කාශ්මීරයේ රූගත කළ ඒවා බවයි.
යුරෝපීය පසුතලවලට වඩා හොඳ පසුතල රැසක් කාශ්මිරයේ ඇතැයි ඔහු පැවසීය.
G-20 සමුලුව සඳහා සත්කාරකත්වය දැරීම එහි සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් වන අතර සමුළුව හරහා, J&K හි චිත්‍රපට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here