Friday, March 29, 2024

ඉන්දීය – රුසියා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක්

විදේශ අමාත්‍ය එස් ජයශංකර් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද්විපාර්ශ්වික උපායමාර්ගික සහ වාණිජ හවුල්කාරිත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් පැවැත්වීය.
ක්‍රෙම්ලිනයට එල්ල වූ ‘ඩ්‍රෝන් ප්‍රහාරය’ පිළිබඳව ද රුසියානු අමාත්‍යවරයා ඉන්දීය පාර්ශවය දැනුවත් කළ අතර, මොස්කව්හි ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇති අයිතිය අවධාරණය කළේය.
ඩ්‍රෝන් ප්‍රහාරයට යුක්රේනය සම්බන්ධ බවට රුසියාව චෝදනා කරන අතර යුක්රේනය එම චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කළේය.
රුසියාවේ විදේශ අමාත්‍යවරයා සමග අපගේ ද්විපාර්ශ්වික, ගෝලීය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කළේය. ඉන්දියාවේ SCO සභාපතීත්වය සඳහා රුසියාවේ සහයෝගය අගය කරන ලදී. G20 සහ BRICS සම්බන්ධ ගැටළු ද සාකච්ඡා කරන ලදී,” ජයිශංකර් හමුවෙන් පසුව ට්වීට් කළේය.
. ජූලි මාසයේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය කෙරෙහි ද අවධානය යොමු විය.
දෙරටේ විදේශ අමාත්‍යවරු ද්විපාර්ශ්වික වෙළඳාමේ දී ජාතික මුදල් ඒකක යොදා ගැනීම ඉහළ නැංවීම, ආයෝජන, ආරක්ෂක හවුල්කාරිත්වය සහ භූ-දේශපාලන වර්ධනයන් කෙරෙහි අවධානය යොමු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles