Saturday, April 27, 2024

ඇෆ්ගනිස්තානයේ ලිතියම් චීනය සතු කර ගැනීමේ සූදානමක්

ඇෆ්ගනිස්තානයේ ලිතියම් පතල් කර්මාන්තයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට චීනය පදනම් කරගත් Gochin සමාගම ඉදිරිපත් වීම, එරට ඛනිජ සම්පත්, විශේෂයෙන්ම ලිතියම් සැපයුම් දාමය පාලනය කිරීමේ චීන උපාය මාර්ගයක කොටසක් විය හැකි බව Khaama Press වාර්තා කළේය.
ඇෆගනිස්තානයේ ලිතියම් සංචිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1කට වඩා වැඩි වටිනාකමක් ඇතැයි සැලකේ.
ලිතියම් පතල් කැණීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ නම්, ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ග, ජල විදුලි වේලි සහ මහාමාර්ග ඇතුළු තවත් යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට චීන සමාගම පොරොන්දු වී තිබේ.
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන පාලනය අත්පත් කර ගත් දින සිට චීනය ඇෆ්ගනිස්ථානයේ සිය ආර්ථික පැවැත්ම පුළුල් කිරීමට සහ එහි ස්වභාවික සම්පත් පාලනය කිරීමට උත්සාහ කර ඇත.
Khaama Press පවසන පරිදි ඇෆ්ගනිස්ථානයේ සිය පැවැත්ම පුළුල් කිරීමෙන් චීනයට තම කලාපීය බලය සහ බලපෑම වැඩි කර ගැනීමට අවස්ථාව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles