ඉම්රාන් සහ බිරිඳ දූෂණ චෝදනාවේ කරවටක් ගිලේ

0
1144

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී, අල් කදීර් භාරයට අදාළව සිදුවී ඇතැයි කියන දූෂණ විමර්ශනය තුළ ගෙල දක්වා ගිලී ඇතැයි විමර්ශකයෝ පවසති.
හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීමට ෂෙබාස් ෂරීෆ්ගේ රජය කමිටුවක් පිහිටුවන ලදී.
විශුද්ධිකරණය කරන ලද පවුම් මිලියන 140 ක මුදලක් නීත්‍යානුකූල කිරීම සඳහා දේපළ ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමට ඔවුන් සම්බන්ධ වූ බව කියන සිද්ධිය විමර්ශනය කිරීම කමිටුවට පැවරී ඇත.
The News වෙත අදහස් දැක්වූ, විමර්ශනයට සමීප මූලාශ්‍ර අනාවරණය කළේ 2018-19 කාලය තුළ කීර්තිමත් පකිස්ථාන දේපල ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු සහ ඔහුගේ බිරිඳ විසින් එක්සත් රාජධානියේ පවත්වාගෙන ගිය ගිණුමකට පවුම් මිලියන 140 ක් මුදලක් ලැබී තිබේ.
එරට ජාතික අපරාධ ඒජන්සිය (NCA) එම අරමුදල් අපරාධවලින් උපයාගත් ඒවා බවට සැක කරමින් වහාම ඒවා අත්හිටුවන ලදී.
නිසි නෛතික ක්‍රියා පටිපාටි අනුගමනය කරමින්, පසුව එක්සත් රාජධානියේ රජය විසින් විශුද්ධිකරණය කරන ලද අරමුදල් 2019 දී පකිස්ථාන රජයට ආපසු ලබා දීමට තීරණය කළේය.
ඒ අනුව අදාල මුදල අල් කදීර් භාරයට ලබා දී තිබේ.
හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එල්ල වී ඇති චෝදනාව වනුයේ එවකට එම භාරයේ ප්‍රධානීන් ලෙස එම මුදල් නැවත අදාල ව්‍යාපාරිකයාටම ලබා දීම සඳහා අල්ලස් ලබා ගත් බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here