Thursday, April 25, 2024

චීන බැලූනයක කොටස් තායිවානයෙන් හමුවෙයි

තායිවාන හමුදාව විසින් චීනයට නුදුරින් පිහිටි දූපතක තිබී චීනයේ නිෂ්පාදිත යැයි සැක කෙරෙන කාලගුණ බැලූනයක සුන්බුන් සොයා ගත් බව Focus Taiwan වාර්තා කරයි.
නිරිතදිග චීනයට නුදුරින් පිහිටි මැට්සු දූපත් සමූහය ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු තායිවාන හමුදාවේ Matsu ආරක්ෂක විධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුර සංචාරයේ යෙදී සිටියදී තම කඳවුරෙන් පිටත මාර්ගයක කාලගුණ බැලූනයක සුන්බුන් යැයි සැක කළ හැකි කෙටස් සොයා ගත් බවයි.
ප්‍රවෘත්ති වාර්තාවට අනුව, සැකකටයුතු බැලූනයේ “Shanghai Chang Wang Meteorological Technology Company” සහ “GTS12 digital radiosonde” යන සරල චීන අක්ෂර ලියා තිබුණි.
තායිවානයේ හමුදාව සුන්බුන් පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනු ඇති අතර හමුදා කඳවුරු වටා සිදුවන චලනයන් සමීපව නිරීක්ෂණය කිරීම සඳහා සිය මුර සංචාර තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව Focus Taiwan වාර්තා කළේය.
සොයාගැනීම් සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානය සහ වේලාව අනාවරණය කර නොමැත.
මීට පෙර පෙබරවාරි මාසයේදී ද තායිවාන හමුදාව විසින් චීනයේ කාලගුණ බැලූනයක සුන්බුන් සොයා ගන්නා ලදී.
පෙබරවාරි 4 වැනි දින ඇමරිකානු ගුවන් සීමාවේදී චීන ඔත්තු බැලූ බැලුනයක් එක්සත් ජනපදය විසින් දැක බිම හෙළීමත් සමඟ චීන බැලූන් වැඩසටහන් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්ව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles