ශ්‍රී ලංකා විදුලිය ඉන්දීය ජාතික විදුලි පද්ධතිය සමඟ එක්වේ…

0
807

දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාලගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් කරමින්, 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව මගින් විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතී.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමඟ මේ සම්බන්ධයෙන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here