චීනයේ අභ්‍යවකාශ වැඩසටහනේ අරමුණු ගැන ලෝකය සැකයෙන්

0
282
epa10672284 The return capsule of the Shenzhou-15 manned spaceship touches down safely at the Dongfeng landing site in north China's Inner Mongolia Autonomous Region June 4, 2023. Three Chinese astronauts on board the Shenzhou-15 manned spaceship returned to Earth safely on Sunday, after completing their six-month space station mission. EPA/XINHUA / Ren Junchuan CHINA OUT / UK AND IRELAND OUT / MANDATORY CREDIT EDITORIAL USE ONLY

චීනය සිය ප්‍රථම සිවිල් ගගනගාමියා අභ්‍යවකාශයට යැවීමේ නවතම නිවේදනය චීනයේ වර්ධනය වෙමින් පවතින අභ්‍යවකාශ වැඩසටහන සහ එහි අභිප්‍රායන් කෙරෙහි අවධානය යොමු කර ඇත.
යුද හමුදාවේ සිට සිවිල් අභ්‍යවකාශ වැඩසටහනට මාරුවීම ගෝලීය ප්‍රජාව විසින් බොහෝ සැකයෙන් යුතුව දකිමින් සිටී.
අභ්‍යවකාශ වැඩසටහන සහ චීන හමුදාව අතර සමීප සබඳතා ඇතිවීමේ හැකියාව විශේෂඥයින් ප්‍රතික්ෂේප නොකරන අතර අභ්‍යවකාශ තාක්ෂණයේ ද්විත්ව භාවිත ස්වභාවය සහ අභ්‍යවකාශ වැඩසටහනේ සමහර අංශ සඳහා හමුදාවේ මැදිහත්වීම ගෝලීය අවධානයට ලක්විය යුතු කරුණක් බව පවසති.
ද්වන්ධ භාවිතයේ තාක්ෂණය සිවිල් සහ මිලිටරි අරමුණු සඳහා භාවිතා කළ හැකි වේ.
චීනය අභ්‍යවකාශය මත පදනම් වූ නිරීක්ෂණ, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ප්‍රහාරාත්මක මෙහෙයුම් සඳහා භාවිතා කළ හැකි තාක්ෂණයන් සහ හැකියාවන් වර්ධනය කරමින් සිටී.
2007 දී චීනය, මිසයිලයකින් තමන්ගේම චන්ද්‍රිකාවක් විනාශ කළ පරීක්ෂණයක් සිදු කළේය.
චීනයේ අභ්‍යවකාශ වැඩසටහන විනිවිදභාවයෙන් තොර බැවින් එහි සැබෑ අභිප්‍රායන් සහ හැකියාවන් තක්සේරු කිරීම අපහසු වේ.
චීනය තම අභ්‍යවකාශ වැඩසටහන පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමේදී අනෙකුත් අභ්‍යවකාශය වෙත ගමන් කරන රටවල් හා සසඳන විට අඩු විවෘතභාවයක් පෙන්නුම් කරන අතර එය ජාත්‍යන්තර ප්‍රජාවේ සැකයට හේතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here