Saturday, July 27, 2024

පාකිස්තාන රජයේ සේවකයන් සියයට 100ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලයි

ඉදිරි අයවැයේදී ගුරුවරුන් ඇතුළු සියලුම රජයේ සේවකයන් සඳහා සියයට 100 ක වැටුප් වැඩිවීමක් සහ දීමනා ගැලපීම් ප්‍රකාශයට පත් කරන ලෙස සමස්ත පකිස්තාන මහාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ සංගමය (APPLA) ෆෙඩරල් සහ පළාත් රජයන්ගෙන් ඉල්ලා ඇති බව ‘ද නිව්ස් ඉන්ටර්නැෂනල්‘ පුවත්පත වාර්තා කළේය.
පසුගිය වසරක කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ උපයෝගිතා සේවාවල මිල ගණන් අහස උසට නැඟීම සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදුකර ඇත.
විවිධ කාණ්ඩවල රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින වැටුප් විෂමතා මඟහරවා ගැනීමට පියවර ගන්නා ලෙස ද එම සංගමය ඉල්ලා තිබේ.
මහාචාර්ය මුනාවර් අබ්බාස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ රජයේ සේවකයින්ගේ නිවාස දීමනාවෙන් පියවා ගැනීමට නොහැකි තරමට නිවාස කුලී ඉහළ ගොස් ඇති බවයි.
සංගමයේ තවත් නිලධාරිනියක් පැවසුවේ වැඩි වන ඉන්ධන මිල හමුවේ ඉහළ යන ප්‍රවාහන වියදම් සහ රාජ්‍ය සේවකයින්ට ලබා දී ඇති ප්‍රවාහන දීමනාව නොගැලපෙන බවයි.
රජයේ සේවකයින්ට ලබා දෙන වෛද්‍ය දීමනාව මාසික ඖෂධ වියදම් වැනි මූලික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ද ප්‍රමාණවත් නොවන බවට මැසිවිලි නැගේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles