පදවි ප්‍රාප්ති සැමරුම් තහනම්! මම ඉන්දියාවට යනවා…

0
1661

ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වේ. 2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ  මහතා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. 

ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට බාරගත් ගෙන මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කොට රට සාමාන්‍යකරණයකට පත් කර තිබෙන හෙයින් පදවිප්‍රාප්ති උත්සව සංවිධානය කළ යුතු යැයි රජයට හිතවත් පාර්ශව කරුණු දක්වා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා  කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි නියෝග කොට ඇත.

පදවිප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම ද විශේෂත්වයකි. (Lankadeepa)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here